31 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

මුරලි, සරත් ෆොන්සේකාගෙන් රුපියල් බිලියනයක වන්දි ඉල්ලයි

Must read

සමගි ජන බලවේගය පක්ෂයේ පළමු සංවත්සර උළෙලේ දී, එම පක්ෂයේ සභාපති, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ප‍්‍රසිද්ධ මහජන වේදිකාවක සිට සිදු කරන ලද අසත්‍ය ප‍්‍රකාශයෙන් තමන්ගේ කීර්ති නාමයට සිදු වූ හානිය සම්බන්ධයෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා, හිටපු ටෙස්ට් කි‍්‍රකට් ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන්, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එන්තරවාසියක් යොමු කර තිබේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ දී වැලිකන්ද ප‍්‍රදේශයෙන් අක්කර දෙදහසක භූමි ප‍්‍රමාණයක් නීති විරෝධී ආකාරයෙන් මුරලිදරන්ට ලබා දී ඇති බවට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා චෝදනා කලේ ය.

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එල්ල කරන ලද එම චෝදනාව පදනමකින් තොර අසත්‍ය චෝදනාවක් බව මුරලිදරන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ කණ්ඩායම පෙන්වා දෙයි.

More articles

Latest article