28.2 C
Colombo
සඳුදා, අප්‍රේල් 29, 2024

ජාතික සභාවට පක්ෂ නායකයෝ එකඟ වෙති

Must read

රට තුළ මතුව ඇති ආර්ථික හා සමාජ අර්බුදය සමනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් ‘ජාතික සභාව‘ පිහිටුවීම සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (07) පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවට පැමිණියේය.

ඒ එකඟතාව අනුව කථානායකවරයා, ජාතික සභාවේ මූලාසනය දරන අතර අගමැතිවරයා, විපක්ෂ නායකවරයා,

සභා නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නිල බලයෙන් එහි සාමාජිකයන් බවට පත්වේ.

පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන සියලු පක්ෂ නියෝජනය වන පරිදි නිල බලයෙන් සාමාජිකයන් වන නියෝජිතයන්ද ඇතුළු ‘ජාතික සභාවේ‘ සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව 37ක් වේ.

ඊට අදාළ යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද පක්ෂ නායක රැස්වීමේදී එකඟතාව ඇති විය.

More articles

Latest article