28 C
Colombo
සෙනසුරාදා, මැයි 18, 2024

නෙළුම් කුලුන නැරඹීමේ කාලය දීර්ඝ කරයි

Must read

කොළඹ නෙළුම් කුලුන නැරඹීමේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව සතියේ දිනවල රාත්‍රී 10.00 දක්වා ද සති අන්තයේ රාත්‍රී 11.00 දක්වා ද දීර්ඝ කළ බව නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පවසයි.

සතියේ දින පහේ පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා ප්‍රවේශපත් නිකුත් කර රාත්‍රී 10.00 දක්වා නැරඹීමේ අවස්ථාව හිමිවන බවත් සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේ පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා ප්‍රවේශපත් නිකුත් කර රාත්‍රී 11.00 දක්වා නැරඹීමේ අවස්ථාව හිමිවන බවත් එම සමාගම පෙන්වා දෙයි.

මේ අතර නෙළුම් කුලුන පරිශ්‍රයට පැමිණීමේ දී අතරමැදියන් සම්බන්ධ කර නොගන්නා ලෙසට එම සමාගම ඉල්ලීමක් කරන අතර චාරිකා සඳහා කල්වේලා ඇතිව ටිකට් පත් වෙන්කරවා ගැනීම සඳහා 074 201 9743 (ඇමතුම්/වට්ස් ඇප්) හා 011 242 7874 දුරකතන අංක ඔස්සේ සම්බන්ධ විය හැකි බවද නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම සඳහන් කරයි.

More articles

Latest article