33 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

වර්ජනය නොතකා ඉන්ධන බෙදාහැරීම් අඛණ්ඩව

Must read

කොළොන්නාව බවුසර් හිමියන් වැඩ වර්ජනය නොතකා ඊයේ (28) තෙල් බෙදාහැරීමේ කටයුතුවල නිරත වූ බවත් ඒ අනුව කිසිදු හිඟයකින් හෝ ප්‍රමාදයකින් තොරව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිනමිණ‘ට ඊයේ (28) පැවසීය.

ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබෙමින් පවතින අතර, ඉදිරි මාස කිහිපයක් සඳහාම අදාළ තෙල් තොග ඇණවුම් කිරීමේ කටයුතු මේ දිනවල සිදු වන බව ද ඔහු වැඩි දුරටත් කීය.

විවිධ කඩාකප්පල්කාරි පිරිස් විසින් ඉන්ධන මිල වැඩි වන බවට හා ඉන්ධන හිඟයක් ඇති වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ කරන අසත්‍ය ප්‍රචාරවලට හසු නොවන ලෙස බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඔහු අවධාරණය කළේය.

නුදුරේදී ඉන්ධන මිල වැඩි වීමක් කිසිසේත්ම නොවන බවත් බොහෝ ප්‍රදේශවල මේ වන විට ඉන්ධන පෝලිම් දක්නට නොලැබෙන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

ඉන්ධන සැපයුම් අඛණ්ඩව කිරීමට උපරිම සහාය දීමට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සමඟ පෙරේදා පැවති සාකච්ඡාවේදී ඛනිජ තෙල් සංස්ථාවට සැපයුම් කරන සමාගම්වල නියෝජිතයන් පොරොන්දු වූ බව ද ඔහු අවධාරණය කළේය.

More articles

Latest article