26 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

නීතිවිරෝධීව ගබඩා කළ ඉන්ධන තොගයක් මාතර දී සොයාගනී

Must read

නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ඉන්ධන ලීටර් 600ක් මාතර ප්‍රදේශයේදී සොයාගෙන තිබේ.

මාතර, හුණුකොටුව හන්දිය ප්‍රදේශයේ වෙළෙඳසැලක සඟවා තිබූ ඩීසල් ලීටර් 560ක් සහ පෙට්‍රල් ලීටර් 40ක් සමග සැකකරුවන් තිදෙනෙක් මාතර කොට්ඨාස දුෂණ මර්දන ඒකක විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර තිබේ.

මේ අතර, එවැනි ඉන්ධන ගබඩා කර ඇති ස්ථාන සොයා දිවයින පුරා වැටලීම් සිදුකරන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට ප්‍රාදේශීය ලේකම්වරුන් තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ ලේකම් හේමන්ත කුමාර මහතා සඳහන් කළේ, පවතින ඉල්ලුම සඳහා ප්‍රමාණවත් වන පරිදි ඉන්ධන සැපයීමට නොහැකි වීම හේතුවෙන් සිය සංගමය එම තීරණය ගෙන ඇති බවය.

“ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය සඳහා ප්‍රාදේශීය ලේකම්වරු විදියට අපේ මැදිහත්වීමක් සිදුවුණා. විශේෂයෙන්ම ඉන්ධන බෙදාහැරීමේ දී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්, ඛනිජ තෙල් සංස්ථාව අපිට විවිධ අවස්ථාවල අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීමට උපදෙස් ලැබුණා. ඒ ලැබුණ උපදෙස්වලට අනුව අපි ඉන්ධන නිකුත් කිරීම සිදුකළා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ තනතුර අහෝසි වීමත් සමගම අපිට ඒ නියෝග බලරහිත වෙලා තියෙනවා. ඒ වගේම දැනට ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබීමත් සමග අපිට මේ කාර්ය ඉදිරියට කරගෙන යෑම ගැටලු සහගතයි. ඉන්ධන නිකුත් කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් නිකුත් කරන්න එහෙම නැතිවුණොත් අපි මහජනතාවගේ චෝදනාවලට ලක්වෙනවා. අපි කියන්නේ මේ සඳහා ඉන්ධන නිකුත් කිරීමට කූපනයක් හෝ QR කේතයක් නිකුත් කරලා මෙය විධිමත් කරන්න. එතෙක් අපි මේ ක්‍රියාවලියෙන් ඉවත්වෙන බව ඇමතිවරයාට දැනුම්දුන්නා.”

More articles

Latest article