29 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

පෞද්ගලික බස්වලට දෙන ඉන්ධන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්

Must read

පෞද්ගලික බස්රථ ධාවකයන් විසින් කරන ඉන්ධන ජාවාරම් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ප්‍රවාහන ඇමැතිවරයා උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සතු ඩිපෝ 105ක් මඟින් දැනට පෞද්ගලික බස්රථ සඳහා ද මගී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් ඉන්ධන ලබාදෙන නමුත් පෞද්ගලික බස්රථ ධාවකයන් මගී ප්‍රවාහනයේ නොයෙ දී ඉන්ධන ජාවාරමක නිරතවන බවට ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත විවිධ ප්‍රදේශවලින් පැමිණිලි ලැබී තිබේ.

මේ පිළිබඳ කඩිනමින් පරීක්ෂණයක් කරන ලෙසට අමාත්‍යංශ ලේකම් ආර්. ඩබ්ලිව්. ආර්. ප්‍රේමසිරි මහතා වෙත ඇමැතිවරයා විසින් උපදෙස් දුන්නේය.

පෙරේදා (03) දින පමණක් පෞද්ගලික බස්රථ 5,500ක ප්‍රමාණයක් සඳහා සියලු ඩිපෝ මඟින් ඉන්ධනදී තිබුණ ද බස්රථ ධාවනයේයෙදී ඇත්තේ බස්රථ 3,000කටත් වඩා අඩු සංඛ්‍යාවක් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී කාර්යාල පෙන්වා දෙයි.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ පොදු ප්‍රවාහන සේවා පවත්වා ගැනීම සඳහා පෞද්ගලික බස්රථ වෙත මෙලෙස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන දුන්න ද, පෞද්ගලික බස්රථ රියදුරන් ඉන්ධන ගෙන මගී ප්‍රවාහනයේ නොයෙදෙන බවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංග්ස්ලි රණවක මහතා ද ඇමැතිවරයා දැනුවත් කර ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ඇමැතිවරයා විසින් ඊයේ (04) ජාතික ගමනාගමන කොමිෂන් සභාවටත් සියලුම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන්ටත් මේ පිළිබඳ කඩිනම් හා විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස උපදෙස් දී තිබේ.

More articles

Latest article