26.4 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

ආගමික ස්ථාන වල විදුලි බිල වැඩි කිරීම දරාගන්න බෑ – ඕමල්පේ සෝභිත හිමි

Must read

ආගමික ස්ථාන වලට විදුලිබිල 555%කින් වැඩි කර තිබීම මේ වනවිට දරා ගත නොහැකි තත්ත්වයක් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කර සිටියේ,

“මේ රටේ ආගමික සිද්ධස්ථාන 47,000ක් වගේ තියෙන්නේ. එයින් බෞද්ධ පන්සල් තියන්නේ 11,000ක් වගේ ප්‍රමාණයක්. මේ වැඩි කිරීම මගින් ආණ්ඩුව කුමක් ද අදහස් කරන්නේ. මේ විදුලිබිල කිසිසේත් ගෙවා ගත නොහැකි තත්ත්වයකට පත්වෙලා තියෙනවා. නිදසුනක් විදියට ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනය භික්ෂූන් වහන්සේලා 75 නමක් විතර අධ්‍යාපන කටයුතුවල යෙදෙන ධර්මායතනයක්. පැවතුණු 60,000ක බිල අලුත් අය කිරීම යටතේ දැන් ඉදිරිපත් කරලා තියෙනවා අලුත් බිල රු 300,750ක්. රු 60,000 බිල තුන් ලක්ෂයක් වූ විට ගෙවන්නේ කෙසේ ද? මේ තත්ත්වය තමා සමස්ත ලංකාවේ සියලුම ආගමික ආයතනවලට මුහුණදීමට වෙලා තියෙන්නේ. ආණ්ඩුව මේ බලාපොරොත්තු වෙන්නේ ආගමික කටයුතු නවත්වන්න ද? මහජනතාවට විවේක තියෙන්නේ බොහෝ විට හැන්දෑවේ 6න් පස්සේ සිදුකරන ආගමික වතාවත් නවත්වන්න ද කියන්නේ. මේ බිල ගෙවා ගෙන කොහොම ද පන්සල් නඩත්තු කරන්නේ. අනෙක් ආගමික ස්ථින කොහොම ද තමන්ගේ ආගමික කටයුතු කරගෙන යන්නේ මෙවන් අසීමිත අය කිරීමක් ඉදිරියේ. 100%ක් වැඩිකරාට කමක් නෑ. නමුත් උසුලා ගත නොහැකි මෙවන් බිලක් දරාගෙන ආගමික කටයුතු නම් කරන්න වෙන්නේ නෑ.”

More articles

Latest article