29.2 C
Colombo
බදාදා, මැයි 1, 2024

අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපති එකඟ වෙයි

Must read

සියලු පක්ෂවලින් සැදුම්ලත් අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මේ අතර එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පත්කරගැනීම සියලු පක්ෂවල නායකයින්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් වෙත පැවරෙන බව ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

More articles

Latest article