31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

සූර්යබල ශක්තියෙන් කිලෝවොට් 100ක් ජාතික විදුලි බල පද්ධතියට

Must read

සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙලට අනුව පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය කිරීමේ සංකල්පය යටතේ නැගෙනහිර පළාතෙන් ජාතික විදුලි බල පද්ධතියට සූර්ය බලශක්ති උත්පාදනය තුළින් 100MWක් එක් කිරීමට අදාළ ගිවිසුම් දෙකකට ඊයේ(28) අත්සන් තැබිණි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී ඊට අදාළ ගිවිසුම් ගත වීම සිදු විය. පළාත් සභාව වෙනුවෙන් පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා මේ සදහා සහභාගි වු අතර Kapital crop international (pvt) Ltd සහ Orb touch cc (pvt) Ltd යන ආයතන වෙනුවෙන් එහි නිළධාරින්ද මේ සදහා සහභාගී වූහ.

මෙම ව්‍යාපෘති වල ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 120කි. පළාත් සභාව සතු පාසල් 279ක් හැර සෙසු පාසල් සියල්ලෙහිම වහලවල් සහ පළාත් සභාව සතු සියළු රජයේ ගොඩනැගිලි වල වහලවල් මේ සදහා භාවිතා කෙරේ.

මෙහි විශේෂත්වය වන්නේ අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි එයින් ලැබෙන ලාභයෙන් 20%ක් රජයට අයවන සේ මෙම ගිවිසුම් ක්‍රියාත්මක වීමය.

ඊට අමතරව මෙම ව්‍යාපෘතිය සදහා භාවිතා කරන නමුත් දැනට අබලන් තත්වයේ පවතින පාසල් සහ රෝහල් වල වහල ප්‍රතිසංස්කරණය කිරීම ද මෙමගින් සිදු වනු ඇත.

මේ අතර ව්‍යාපාතිය සදහා භාවිතා කෙරෙන පාසල් වලට අවශ්‍ය විදුලිබල පහසුකම් ද නොමිලේ ලබා දීමට කටයුතු යොදා තිබේ.

මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, පළාත් සභාවේ ප්‍රධාන නීති නිළධාරි දර්ශන වීරසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ,

More articles

Latest article