30 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

ඉන්ධනහල්වල සිටින පොලිස් නිලධාරීන් සමඟ ගැටුම් ඇති කර ගන්න එපා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Must read

පොලීසිය සහ හමුදාව ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව යොදවා ඇත්තේ ඉන්ධන පිරවුම්හල් සහ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බැවින් ඉන්ධන ඉල්ලා එම නිලධාරීන් සමඟ ගැටුම් ඇති කර නොගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව මේ වන විට කලහකාරී තත්ත්වයන් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවීම් ඉහළ යාමක් පෙන්නුම් කරන බවත් ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් සහ හමුදා සාමාජිකයන් සමඟ ගැටුම් ඇතිකර ගන්නා ප්‍රවණතාවක් දකින්නට ලැබෙන බවත් ඔහු පවසයි.

‘ඉන්ධන බෙදා හැරීම ‍පොලීසියට කළ හැකි කාරණයක් නෙමෙයි. නමුත් රාජකාරී සීමාවෙන් ඔබ්බට ගිහින් ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරු මහජනතාව වෙනුවෙන් සංස්ථාවෙන් ඉන්ධන ගෙන්වා පෝලිම්වල රැඳී සිටින ජනතාවට දීමට කටයුතු කර තිබෙනවා. හැබැයි පොලිස් නිලධාරීන් යොදවල තියෙන්නේ ඉන්ධන හලේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පමණයි. ඒ නිසා ඉන්ධන ඉල්ලා ආරක්ෂාවට යොදවා සිටින නිලධාරීන්ට කරදර කරන්න, පරිබව කරන්න, අපහාස කරන්න තර්ජනය කරන්න, හිරිහැර කරන්න, පහරදෙන්න යන්න එපා. පහරදීම් හේතුවෙන් නිලධාරීන්ට තුවාල සිදුවූ අවස්ථාවන් පවා තිබෙනවා. පොලිස් නිලධාරීන්ට උපදෙස් දීල තියෙන්නේ මහජනතාව අපහසුතාවන්ට පත්ව ඇති බැවින් ඉවසිලිමත්ව කටයුතු කරන්න කියලයි. ඒ නිසයි පොලිස් නිලධාරීන් සෑම අවස්ථාවකම මහජනතාව සමඟ ඉතාම ඉවසිලිමත්ව කටයුතු කරන්නේ.‘ යැයි නිහාල් තල්දූව මහතා පවසයි.

More articles

Latest article