28 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

බස් රථවලින් 50%ක් අද සිට ධාවනයට

Must read

අද සිට(20) සමස්ත බස් රථවලින් 50%ක් ධාවනයට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

ලංගම ඩිපෝ මගින් අඛණ්ඩව ඩීසල් දීමට එකඟතාව පළ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව අද සිට දිවයින පුරා බස් රථ 10,000කට අධික ප්‍රමාණයක් ධාවනයට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

ලංගම ඩිපෝ මගින් දෛනිකව ඩීසල් ලීටර් ලක්ෂ අටක් පෞද්ගලික සහ ලංගම බස් රථවලට දීමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එකඟත්වය පළ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව කී විජේරත්න මහතා මේ සතිය තුළ පෞද්ගලික බස් රථවලින් 70%කට වඩා ධාවනයට පියවර ගන්නා බවත් සඳහන් කළේය.

More articles

Latest article