33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

විදෙස් මුදල් තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Must read

උණ්ඩියල් ක්‍රමය යටතේ මුදල් හුවමාරු කරනු ලබන පුද්ගලයෙක් විදෙස් මුදල් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා වැලිගම, ගල්බොක්ක ප්‍රදේශයේ දී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

කොක්මාදූව පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන්ට ලද තොරතුරක් මත නිවසක් පරීක්ෂා කිරිමේ දී රුපියල් මිලියන 17ක විදෙස් මුදල් තොගයක් සොයාගෙන ඇත.

අදාළ නිවස තුළ තිබී අමෙරිකානු ඩොලර් 18,208, යුරෝ 20,035ක්, එංගලන්ත පවුම් 645ක්, ජපන් යෙන් ලක්ෂයක්, කටාර් රියාල් 1000, ඩිරාම් 18,500ක් ඇතුළු විදෙස් මුදල් තොගයක් සොයාගෙන තිබේ.

සැකකරු 27 හැවිරිදි ගල්බොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (28) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

More articles

Latest article