30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ 5කට කොවිඩ් ආසාදනය වෙයි

Must read

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගීවීමට එංගලන්තයේ බර්මින්හැම් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනෙකුට සහ පුහුණුකරුවෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව ඔවුන් නිරෝධානයට යොමු කිරීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව පැවසුවේය.

22 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (29) අලුයම 12.30ට බර්මිංහැම් නුවර ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

රටවල් 72ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,054 දෙනෙක් මෙවර ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන අතර ඊට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110 දෙනෙකු ඇතුළත් වේ.

More articles

Latest article