28.4 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

පළාත් සභා කළමනාකරණය ජනපති විසින් ආණ්ඩුකාරවරුන්ට පවරයි

Must read

මේ වන විට පළාත් සභා ක්‍රියාත්මක නොවන හෙයින් පළාත් පරිපාලන හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම මෙන්ම පළාත් සභාවේ වියදම් කළමනාකරණය පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරුන් වෙත පවරා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සියලු පළාත් ආණ්ඩුකාරවරු මේ පිළිබඳ ලිඛිතව දැනුම් දී ඇත.

වර්තමාන අභියෝගාත්මක කාලයේ රාජ්‍ය වියදම් කළමනාකරණය කරමින් මහජන සේවා ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම අතිශයින් වැදගත් වන හෙයින් මෙම පියවර ගත් බව ජනාධිපති කාර්යාලය කියයි.

තම පළාතේ සංවර්ධන ප්‍රමුඛතා හඳුනා ගැනීමේදී මෙන්ම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුකාරවරුන් පළාතේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ජනාධිපති කාර්යාලය සමග මනා සම්බන්ධීකරණයක් පවත්වා ගත යුතු බවට අදාල ලිපියෙන් දන්වා ඇත.

ඒ අනුව අවම වශයෙන් දෙසතියකට වරක් තම පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක් පවත්වා පළාත් සභාව හරහා ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳ නිරන්තර කථිකාවක් පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබේ.

අසීරු කාලවකවානුවේදී ජාතික ඉලක්ක සපුරා ගැනීම සඳහා ආණ්ඩුකරුවන් දක්වන දායකත්වය පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතා අවධානයෙන් පසුවන බව ද ජනාධිපති ලේකම්වරයාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

More articles

Latest article