29 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ

Must read

මාර්තු මස 31 වනදා සිට මැයි මස 15 වනදා දක්වා කාලය තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ ගිනිතැබීම් ඇතුළු විනාශකාරි සිද්ධීන් පිළිබඳ සෙවීම සඳහා පත් කළ කොමිසමේ කාලය දීර්ඝ කර තිබේ.

අදාළ සිද්ධින් පිළිබඳ සොයා බලා අගෝස්තු 31 වන දිනට පෙර ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම කොමිසම පත් කර තිබුණි.

කෙසේවෙතත් එහි කාලය ලබන නොවැම්බර් මස 30 වනදා දක්වා දීර්ඝ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ කාලසීමාව තුළ සිදු වූ සිදුවීම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක පණ්ඩුකාභය අලුවිහාරේ මහතාගේ සභාපතීන්වයෙන් යුතුව අදාළ කොමිසම පත්කර තිබුණි.

More articles

Latest article