32 C
Colombo
සඳුදා, මැයි 6, 2024

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඛේදවාචකය ගැන ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

Must read

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ එල්ලෙන පාලමක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ.

ඉන්දීය රජයට මෙන්ම එරට ජනතාවට සහ ජීවිත අහිමිවූවන්ගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කරන බව ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ගුජරාට් ප්‍රාන්තයේ මෝර්බි ප්‍රදේශයේ කේබල් පාලම කඩා වැටී තිබුණේ ඊයේ (30) පස්වරුවේය.

91දෙනෙකුට අධික පිරිසක් මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර 72 දෙනෙකු දිවි බේරාගැනීමට සමත්වුණි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ පාලම කඩා වැටෙන අවස්ථාවේ එහි පුද්ගලයන් 50‍0ක් පමණ සිට ඇති අතර 100 ක් පමණ මුදාගත නොහැකිව සිටින බවය.

සහන කණ්ඩායම් තුනක් මුදාගැනීමේ මෙහෙයුම්වලට එක්ව සිටියේය.

මීටර් 230 ක් දිග මෙම ඓතිහාසික පාලම 19 වැනි සියවසේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකරන ලද්දක් වන අතර ප්‍රතිසංස්කරණය සඳහා මාස හයක් වසා දමා තිබූ එය පසුගිය සතියේ යළි ජනතාව සඳහා විවෘත කර තිබේ.

More articles

Latest article