29 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

අමෙරිකාවේ නෞකා තිළිණය ‘විජයබාහු’ ජනපති නිරීක්ෂණයට

Must read

අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා නාවික හමුදාවට ප්‍රදානය කළ P 627 ගැඹුරු මුහුදු අවේක්ෂණ නෞකාව “නාවික නෞකා විජයබාහු“ නමින් අධිකාරියට පත් කිරීම කොළඹ වරාය, නැඟෙනහිර පර්යන්තයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ සිදු කෙරිණි. එම නෞකාවේ නියමු මැදිරිය ජනාධිපතිවරයාගේ අධීක්ෂණයට ලක් වූ අයුරුයි මේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් යන මහත්ම මහත්මීහුද මෙහි වෙති.

More articles

Latest article