29 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

75 වැනි නිදහස් දිනය දා ජාතික උද්භිද විනෝද උද්‍යාන නොමිලයේ නැරඹීමට අවස්ථාව

Must read

හත්තෑ පස්වැනි නිදහස් දිනයදා ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන හා විනෝද උද්‍යාන මහජනතාවට නොමිලයේ නැරඹීමට අවස්ථාව දීමට රජය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී වැඩබලන ජනමාධ්‍ය ඇමැති හා කැබිනට් ප්‍රකාශක ශාන්ත බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම එදිනට රට පුරා පිහිටි සිනමාහල්වල ප්‍රවේශපත්‍ර ගාස්තුව සියයට 50කින් අඩු කර චිත්‍රපට නැරඹීමට මහජනතාවට අවස්ථාව සලසා දීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව වැඩබලන ඇමැතිවරයා කියා සිටියේය.

චිත්‍රපට සංස්ථාවත් සමඟ සාකච්ඡා කර මේ තීරණයට එළැඹි බවත් එය එදිනට බලපාන අයුරින් ක්‍රියාත්මක වන බවත් ඒ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති මේ යෝජනා සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

More articles

Latest article