32 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

රනිල් ජනපති කිරීම නිවැරැදි තීරණයක් – බැසිල් රාජපක්ෂ

Must read

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තෝරා ගැනීම නිවැරැදි තීරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (05) පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය මධ්‍යස්ථානය ආරම්භ කොට සිවුවසරක් පිරීම නිමිත්තෙන් එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (05) පෙරවරුවේ පැවැති සැමරුම් උත්සවයකට සහභාගි වෙමිනි.

පක්ෂ විපක්ෂ සෑම කණ්ඩායමකටම නිදහසේ දේශපාලනය කිරීම සඳහා ඉඩ සලසා දිය යුතුයි යන මතයේ තමන් සිටි බව පැවසූ ඒ මහතා, මේ වන විට එවැනි වාතාවරණයක් රටේ පවතින බව ද සියලු පාර්ශව සඳහා නිදහසේ දේශපාලනය කිරීම වෙනුවෙන් අවස්ථාව දිය යුතු බව ද කීවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ මුලින්ම දේශපාලනය කරන්න, නිදහසේ අවශ්‍ය කටයුතු කරන්න මේ වන විට අවස්ථාව සලසා දී තිබෙන බවයි. ආර්ථික සහ අනෙකුත් ගැටලු ඉදිරියේ දී විසඳනු ඇතැයි අපේක්ෂා කරන බව ද හෙතෙම කීවේය. පක්ෂය බෙදී ගොස් තිබෙන බවට යම් යම් පාර්ශව අතර මතවාද තිබුණ ද කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බෙදී ගොස් නොමැති බව ද සුළු පිරිසක් විවිධ මතයන්හි සිටිය ද ප්‍රධාන වශයෙන් පක්ෂය රටේ ජනතාව සමඟ සිටින බව ද පැවසුවේය.

More articles

Latest article