33 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

දේශපාලන අත්දැකීම් නැත්නම් ගැටළු ඇති වෙනවා – අගමැති

Must read

“වරායට නැවක් ඇවිත් තිබුණේ. තෙල් ටික එළියට ගන්න විතරයි තිබුණේ. එවැනි අවස්ථාවල යම් යම් ප්‍රකාශ කිරීම මම හිතන්නේ දේශපාලන වශයෙන අවබෝධයක් නැතිකම හෝ පළපුරුද්දක් නොමැතිකම නිසා තමයි ජනතාව කලබල වෙලා අනවශ්‍ය විදිහට පෝලිම් ඇතිවුනේ” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාරම්මල දී පැවසීය.

ඇත්ත වශයෙන්ම රටේ තෙල් අර්බුදයක් තිබුණේ නැහැ. යම් යම් තෙල් දවස් හතරකට තියෙන්නේ, දවස් තුනටයි තියෙන්නේ කියලා කිව්ව වැරදි ප්‍රකාශ නිසා මිනිස්සු කලබල වුනා. අපේ පෙර යුග වල සමහර අවස්ථාවල පැය 24 කට විතරයි තෙල් තිබුණේ නමුත් නැව් ගෙන්නල තිබුණා. නැවෙන් ගොඩබාන එක විතරයි කරන්න තිබුණේ. ඒ තත්වයන් අද වෙනස් වෙලා තියෙනවා. වෙනස් කරගෙන යනවා. අපිට අපේ රට දියුණු කරන්න ඕනෙ. ප්‍රදේශ දියුණු කරන්න ඕනෙ. මහාමාර්ග දියුණු කරන්න ඕන මුලින්ම. අද රටේ ජනතාවගෙන් සීයට අනූ අටකට අනූ නමයකට විදුලිය තියෙනවා. අපට ජලයත් ඒ විදිහටම දියුණු කරන්න ඕන. වාසුදේව ඇමතිතුමා ඒ කටයුතු කරගෙන යනවා. අපි සෑම පුරවැසියකුටම බීමට පිරිසිදු ජලය ලබාදීමේ වැඩසටහනක් රටපුරාම ක්‍රියාත්මක කරන්න පියවර ගනිමින් තියෙනවා. එතකොට අපට විදුලිය තියෙනවා. ජලය තියෙනවා. ඒ විදිහට තමයි අපි ජනතාවගේ අවශ්‍යතා ඉටු කීරීමට ප්‍රමුඛත්වය දෙන්නේ. ඒ නිසා අපි සියළු දෙනාගේ යුතුකමක් තියෙනවා එකතුවෙලා මේ රට ගොඩනගන්න.

අග්‍රාමාත්‍යවරයා මහතා මේ බව කියා සිටියේ නාරම්මල ප්‍රාදේශීය සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමි අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.

More articles

Latest article