26 C
Colombo
සෙනසුරාදා, මැයි 18, 2024

SLT-MOBITEL රුක් රෝපණ දෙවැනි අදියර උමංදාවේදී

Must read

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය (SLT-MOBITEL), “රට පුරා හුස්මයි පොහොරයි වගා කරමු” නමින් ආරම්භ කළ ජාතික රුක් රෝපණ වැඩසටහනේ දෙවැනි අදියර මැල්සිරිපුර, මඩහපොල උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේදී දියත් කෙරුණි.

තිරසාර අනාගතයක් උදෙසා වාතයේ තත්ත්වය වැඩි දියුණු කිරීම සහ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.

දෙවැනි අදියර යටතේ දිවයිනේ නන් දෙසින් පැමිණි භික්ෂූන් වහන්සේ 75 නමක් සහ උමංදාව විහාර භූමිය වෙත පැමිණ සිටි ජනතාව අතර මී පැළ බෙදා දීම ද සිදු කෙරිණි. SLT-MOBITEL ප්‍රජා සත්කාර වැඩසටහනේ කොටසක් ලෙස ක්‍රියාවට නැංවෙන මෙම රුක් රෝපණ වැඩසටහනේ මූලික ඉලක්ක වන්නේ වනාන්තර ප්‍රවර්ධනය කිරීම සහ කාබන්ඩයොක්සයිඩ් ස්වාභාවිකව වාතයෙන් ඉවත් වීමේ හැකියාව වැඩිදියුණු කිරීමය. මේ ඔස්සේ හරිතාගාර වායු අවම කිරීම, වාතය වඩාත් හොඳින් පිරිසුදු වීම, රටේ විවිධ ප්‍රදේශවල ජෛව විවිධත්වය ආරක්ෂා වීම, කාබනික පොහොර නිෂ්පාදනය වැඩි වීම සහ මී ගස සංරක්ෂණය කිරීමේ වැදගත්කම ජනතාවට අවබෝධ වීම වැනි ප්‍රතිලාභ රාශියක් හිමි වේ.

More articles

Latest article