32 C
Colombo
බදාදා, මැයි 8, 2024

ජාතික සංවිධාන අගමැති හමුවෙයි

Must read

මෙරට හඬක් නගන ප්‍රගතිශීලී චරිත අවලංගු කිරීමේ මහා මෙහෙයුමක ප්‍රතිගාමි කඳවුර නිරත වී සිටින බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.

ජාතික සංවිධාන හා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර අගමැති කාර්යාලයේදී පෙරේදා (10) පැවැති හමුවේදී මැදගොඩ අභයතිස්ස හිමියෝ මේ බව සඳහන් කළහ.

ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට යන සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා සිය සංවිධාන විසින් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති බවත් එය අධ්‍යයන කොට තීන්දු තීරණ ගනී යැයි විශ්වාස කරන බවත් මැදගොඩ අභයතිස්ස හිමියෝ කීහ.

දේශීයත්වය පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් ආරක්ෂා කිරීමට කැප වුණු දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිවරයා ලෙස පත් වීම රටට ඉතා වැදගත් බව ද උන්වහන්සේ කියා සිටියහ.

වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා..

“එදා සැබෑ අරගලයන්ට පණ පෙව්වේ අපි. අද තියෙන්නෙ විජාතික උවමනාවන්ට අවශ්‍යතා සපුරන හා මුදලට විකිණෙන අරගල. ඒවට අරගල කියන්න බෑ. රට අස්ථාවර කිරීමට, ආර්ථික සමාජ ආගමික හා සංස්කෘතික වශයෙන් කැස කවන ප්‍රතිගාමීන් වේගයෙන් විවිධ ආකාරයෙන් කටයුතු කරනවා. එවැනි අවස්ථාවක මෙම භාරදූර තනතුර බාර ගනිමින් රට වෙනුවෙන් කැපවීම පිළිබදව සියලු ජාතික සංවිධාන වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙනවා. එමෙන්ම රට ජාතිය වෙනුවෙන් දශක හතරක් තිස්සේ කළ මෙහෙවරේ පන්නරය මත රට නිවැරදි දිශානතියට හැරවීමට ඔබට හැකිවනු ඇති බව අප විශ්වාස කරනවා. එමෙන්ම ජනාධිපතිවරයාත් ඔබත් අතර ඇති සුසංයෝගය රටේ ඉදිරි පැවැත්මට නොබිඳුණු ශක්තියක් වෙනවා.”

කල්‍යානන්ද තිරාණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර, මහාචාර්ය ආර්.බී හේරත්, නීතිඥ මදුමාලි අල්විස්, ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න, යසස් ධර්මදාස, ප්‍රීමාල් ප්‍රනාන්දු මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.

විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ, නීතිඥ මදුමාලි අල්විස්, ප්‍රීමාල් ප්‍රනාන්දු, යසස් ධර්මදාස, සේනාරත්න ද සිල්වා ඇතුළු විද්වත්හු රැසක් ජාතික සංවිධාන නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

More articles

Latest article