31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

මහනුවර ඇසළ පෙරහර සමාප්ති උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් අද

Must read

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11) රාත්‍රිෙය් එක් විය. ඇසළ පෙරහරේ සමාප්ති උත්සවය අද (12) පස්වරුවේ ජනපති ප්‍රධානත්වයෙන් මහනුවර ජනපති මැඳුරේදී පැවැත්වෙයි. දහවල් පෙරහර නිම වීමෙන් පසු දළදා මාලිගාවේ දියඩවන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ සතර මහා දේවාල හා පිටිසර දේවාල බස්නායක නිලමේවරු පෙරහරකින් ජනපති මැදුර වෙත ගොස් මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය පෞරාණික චාරිත්‍ර ගරු කරමින් පැවැත්වූ බව දැක්වෙන පෙරහර සංදේශය ජනපතිවරයා වෙත පිළිගැන්වීම සිදු කරති. අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍ලයේදී සුවිශේෂි දක්ෂතා දැක්වූ කලාකරුවන්ට මුදල් ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය ජනපතිවරයා අතින් සිදු කෙරෙයි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසර දෙකේදීම කලාකරුවන් සඳහා සම්මාන ප්‍රදානය නොකෙරුණි.

More articles

Latest article