34 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ආදිවාසීන්ගේ ගැටලු විසඳා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුව කටයුතු කරනවා – අගමැති

Must read

ආදිවාසින්ගේ ගැටලු විසඳීම සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුව කටයුතු කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) සහතික විය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා තවදුරටත් මෙසේ ද පැවසීය.

ආදිවාසි නායකයන් පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයට පැමිණ මා මුණ ගැසුණා. එම කණ්ඩායම කථානායකවරයා සහ විපක්ෂ නායකවරයා ද මුණ ගැසී තිබෙනවා. ආදිවාසීන් භාර දුන් ප්‍රතිපත්ති මාලාව මා භාරගත්තා.

ආදි වාසීන්ගේ අයිතිවාසිකම් තහවුරු කර එම අයිතිවාසිකම් නිත්‍යානුකූලභාවයට ඇතුළත් කිරීම පිළිබඳව විරුද්ධ පක්ෂ නායකවරයා නඟන ලද 27/2 ප්‍රශ්නයට පිළිතුරු දෙමින් විෂය භාර ඇමැති විදුර වික්‍රමනායක මහතා පැහැදිලි පිළිතුරක් ලබා දුන්නා.

අගමැති කාර්යාලයේදී එම නියෝජිත පිරිස පිළිගෙන බොහෝම මිත්‍රත්වයෙන් සාකච්ඡා කළා. ඒ වගේම එම ආදිවාසීන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම පිළිබඳව අපි ක්‍රියා කිරීම සම්පූර්ණ කිරීම අවශ්‍යයයි කියලා අපි පිළිගන්නවා. එක්සත් ජාතීන් ඉදිරියේ අත්සන් කරන ලද සම්මුතිය වාගේම ILO convention, ඒ වගේම ආදි වාසීන්ගේ ජාත්‍යන්තර සමුළුව පවත්වන ලද ඒ ප්‍රඥප්තීන්ට, අපේ ශ්‍රි ලංකාවේ ද ආදි වාසීන්ගේ නියෝජිත පිරිස් විවිධ ආණ්ඩු යටතේ සහභාගි කරවීමට හැකියාව තිබෙනවා.

ඒ නිසා ආණ්ඩුවක් විදියට අපි ඒ ඉල්ලා සිටින දේ ජාතික ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කිරීමට ශ්‍රි ලංකා ආදිවාසී ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරැකීමට ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා ආණ්ඩුව ඉක්මණින් කටයුතු කරනවා.

ආදිවාසී නායකයන්ගේ නියෝජිත පිරිසට ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම නිදහස් උත්සවයට විශේෂ නියෝජිතයන් පිරිසක් ලෙස සහභාගි වෙන්න අරාධනා කළා. එම අය එය ඉතාම ඕනෑකමින් පිළිගත්තා. ඉතිං අපිට පාර්ලිමේන්තුව හැටියටත් ඒවගේම ආණ්ඩුව මේ පිළිබඳව අනුගමනය කරන්න තියෙන නීතිමය ක්‍රියාමාර්ග ඇති කිරීමටත් ප්‍රතිඥා ඇමැතිවරයා දුන්නා.

More articles

Latest article