30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

ජීවන්ට සහ පවිත්‍රාට කැබිනට් ඇමැති පදවි

Must read

කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ කැබිනට් අමාත්‍ය ධුරයෙහිත්, ජීවන් තොණ්ඩමන් මහතා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහිත් මෙලෙස දිවුරුම් දෙනු ලැබූහ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

More articles

Latest article