33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

රට ආපස්සට යෑමට ඉඩ තබන්නේ නෑ – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

Must read

වැරදි දේශපාලන තීන්දු හේතුවෙන් එක් එක් කාලවල ආපස්සට ගිය රට නැවතත් ආපස්සට යෑමට කිසි විටෙකත් ඉඩ නොතබන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

පසුගිය මැතිවරණවලදී රටේ ජනතාවගේ ඉල්ලීමට අවධානය යොමු කරමින් පානීය ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීම වෙනුවෙන් රජයේ අවධානය යොමුව තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා මේ වසරේදී පමණක් නව ව්‍යාපෘති 33ක් මඟින් නිවාස දෙලක්ෂ හතළිස් පන්දහස් පන්සීයකට අලුතින් ජල සැපයුම දීමට ජල සම්පාදන අමාත්‍යාංශය සූදානම් බවද කියා සිටී. කුරුණෑගල, කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කවල ලක්ෂ සංඛ්‍යාත පිරිසකට පිරි සිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති තුනක් සූම් තාක්ෂණය ඔස්සේ එකවර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජල සම්පාදන යෝජනා ක්‍රමය, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ජල සම්පාදන යෝජනා ක්‍රමය, ගාල්ල දිස්ත්‍රික්කයේ හපුගල ජල සම්පාදන යෝජනා ක්‍රමය, අගමැතිවරයාගේ සුරතින් ජනතා අයිතියට පත්කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා පෙන්වා දුන්නේ අපි අද දවසේ කළ යුත්තේ දරු පරපුරේ හෙට දවස වෙනුවෙන් ජලය සුරක්ෂිත කිරීම බවත් මුළු ලෝකයම මේ ගැන අවධානය යොමුකර ජල සංරක්ෂණයේ වැදගත්කම කතාකරන බවත්ය. අපේ රටේ රජවරු එදා ජලයේ ඇති වටිනාකම තේරුම්ගෙන අනාගතය බලා කළ කාර්යයන්වල ප්‍රතිඵල අද අපි භුක්ති විඳින බවද මහ වැව් තනමින් වාරි තාක්ෂණයෙන් විශිෂ්ටත්වයට පත්වුණා සේම ඒ හැමතැනම ජල සංරක්ෂණය සිදුවූ බවද සිහිපත් කළේය.

රජරට ජනතාව අදත් වකුගඩු රෝගවලින් පීඩා විඳින්නේ පිරිසිදු පානීය ජලය නොමැතිකමින් බවද රජරට පමණක් නොව දැන් තවත් පැතිවලට මේ ප්‍රශ්නය ව්‍යාප්ත වී තිබෙන බවද කී මහින්ද රාජපක්ෂ මහතා අවශ්‍ය පිළියමක් නොදී, පිරිසිදු පානීය ජල ගැටලුව ගැන කිය කියා සිටියා කියා ජනතාවට සෙතක් නොවන බවට වත්මන් රජය තේරුම් ගත් බවද පෙන්වා දුන්නේය.

More articles

Latest article