27.2 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

ලෝක නායකයින් රැසක් දෙවන එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරයි

Must read

ලෝක නායකයින් රැසක් දෙවන එළිසබෙත් මහ රැජිනගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවුඩ නිකුත් කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය රැජින බුද්ධියෙන් සියල්ලන් ආකර්ෂණය කළ නායිකාවක් වන අතර සෑම අවස්ථාවකම ඇයගේ ප්‍රඥාව සියල්ලන් සමග නොමසුරුව බෙදාගත් බවය.

හිටපු අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ එළිසබෙත් මහ රැජින ලෝකය ආකර්ශනය කරගනු ලැබුවේ කරුණාව සහ වෙහෙස නොබලා වැඩ කිරීමේ ආචාර ධර්ම මගින් බවය.

මේ අතර දෙවන එළිසබෙත් මහ රැජිනගේ මියයාම ලෝක දේශපාලනයේ පිරවිය නොහැකි හිස් තැනක් බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසයි.

බ්‍රිතාන්‍යයේ නව රජු වන 3 වන චාර්ල්ස් කුමරුට පණිවුඩයක් නිකුත් කරමින් රුසියානු ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දෙවන එළිසබෙත් මහ රැජිනගේ මියයාම සම්බන්ධයෙන් රාජකීය පවුලේ සාමාජිකයින්ට සහ මහා බ්‍රිතාන්‍යයේ සමස්ත ජනතාවට සිය අවංක ශෝකය පිරිනමන බව රුසියානු ජනාධිපතිවරයා අදාළ පණිඩුඩයේ සදහන් කර තිබේ.

තම යටත්වැසියන්ගේ ආදරය හා ගෞරවය මෙන්ම ලෝක වේදිකාවේ අධිකාරීත්වය නිවැරැදිව භුක්ති විඳි නායකාවක් ලෙස දෙවන එළිසබෙත් මහ රැජින හැදින්විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ප්‍රංශයේ මිතුරියක් වූ කාරුණික හදවතක් ඇති රැජිනක් ලොවට අහිමි වු බවය.

බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කාලයක් කිරුළ දැරූ 96 හැවිරිදි දෙවන එලිසබෙත් මහ රැජින ඊයේ අභවප්‍රාප්ත වුණි.

More articles

Latest article