29 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

ශ්‍රී ලංකාව ඇතුළු මිත්‍ර රටවල් අතර ගුවන් ගමන් වැඩි කරන්න පුටින්ගෙන් නියෝග

Must read

ශ්‍රී ලංකාව ඇතුළු මිත්‍ර රටවල් අතර කරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා නියෝග කර තිබේ.

රුසියානු ජනාධිපතිවරයා විසින් එරට රජයට මේ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කර ඇති අතර, ඒ අනුව රුසියාවේ විශාලම පෞද්ගලික ගුවන් සේවය වන අසූර් එයාර් ගුවන් සේවය ඇතුළු ගුවන් සේවා කිහිපයක් ශ්‍රී ලංකාවට කරන ගුවන් මෙහෙයුම් වැඩි කර තිබෙන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය පවසයි.

මාස 04කට පසු රුසියාවේ ඒරොෆ්ලොට් ගුවන් සමාගම පසුගිය මස 10 දා ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කළ අතර, රුසියාවේ විශාලම පෞද්ගලික ගුවන් සමාගමක් වන අසූර් එයාර් ගුවන් සමාගම ඊයේ (03) සිට යළි මෙරටට ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

සෑම සතියකම අසූර් එයාර් ගුවන් යානා 07ක් රුසියාවේ නගර 04ක සිට මෙරටට පැමිණීමට නියමිතය.

More articles

Latest article