28.4 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

කුමන්ත්‍රණකරුවන් රට නැවත ආපස්සට හැරවීමට උත්සාහ ගන්නවා – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

Must read

මහජන ඡන්දයෙන් බලය ලබාගත නොහැකි කුමන්ත්‍රණකරුවන් පිරිසක් ජනතාව පාරට බස්සවා රට නැවත ආපස්සට හැරවීමට උත්සාහ ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර හයක් පිරීම නිමිත්තෙන් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පෙරේදා(02) පැවැත්වූ සර්ව රාත්‍රික පිරිත් දේශනාවට සහභාගී‍ වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය.

මේ මොහොතේ පක්ෂ දේශපාලනය පැත්තකට දමා රට වෙනුවෙන් එකට එක්ව කටයුතු කළ යුතුයි.

පසුගිය කාලයේ රට මුහුණ දුන් ගැටලු දැන් එකින් එක විසඳෙනවා. පසුගිය මාසයේදී සංවාරකයන්ගේ පැමිණීම වැඩියි. සංචාරක පැමිණීම වැඩි වෙනකොට රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. මේ රට කාබාසිනියා වෙනකම් බලාගෙන ඉන්න පිරිසට මේවා දරාගන්න බැහැ. ඒ පිරිස බලන්නෙ කොහොම හරි ඉදිරියට යන රට නැවත ආපසු හරවන්නයි.

මිනිසුන්ව කුලප්පු කරල පාරට බැස්සුවාට ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ නෑ. හැබැයි යම්කිසි දේශපාලන පක්ෂ කිහිපයක් කරන්නේ මිනිස්සු කුලප්පු කරවන එකයි. ඔවුන්ට රට වෙනුවෙන් වගකීමක් ගන්න කිව්වම ඒකට බයයි. උද්ඝෝෂණ දකින කොට සංචාරකයන් පැමිණෙන්නේ නැහැ. එතකොට රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. කොවිඩ් වසංගතයෙන් පස්සේ ඇති වුණ ආර්ථික ප්‍රශ්න අපි කාටත් දරාගන්න බැරිවුණා. කවදාවත් මහජන ඡන්දයක් දිනාගන්න බැරි යම් කල්ලියක් ජනතා පීඩනය ඔවුන්ගේ වාසියට යොදා ගත්තා. ඒ කල්ලිය තවමත් කරන්නෙ මිනිස්සු කුලප්පු කරවල පාරට බස්සන එකයි.

මේ මොහොතේ පක්ෂ දේශපාලනය පැත්තකට දාල රට ගැන හිතල වැඩ කරන්න ඕනෑ. දැන් කරන්න ඕනෑ වැටුණු තැනින් රට ගොඩගැනීමට සහාය දීමයි. එහෙම නැතුව කකුල් මාට්ටු දාල ඉදිරියට යන ගමන වළක්වන එක නොවෙයි. ඔය අරගලකරුවන් යැයි කියා ගන්නා කුමන්ත්‍රණකරුවන් හිතුවේ මැයි 09 වැනිදා අපේ ගෙවල් ගිනි තැබුවම අපේ දේශපාලන ගමන වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ගමනත් ඉවරයි කියල. ගෙවල් ගිනි තියල, මඩ ගහල අපේ දේශපාලනය නවත්වන්න බැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ වැටුණාහාම හිටියටත් වඩා ශක්තිමත්ව නැඟිටින දේශපාලන පක්ෂයක්. ඒ නැඟිටීම කිසිවකුට නවත්වන්න බැහැ.

More articles

Latest article