25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

රාගම වෛද්‍ය පීඨයේ ගැටුම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

Must read

රාගම වෛද්‍ය පීඨයේ පසුගියදා ඇති වු ගැටුම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීම සඳහා විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මගින් කමිටුවක් පත් කර තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සඳහන් කළේ ආචාර්ය මණ්ඩලයේ තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් ඒ සඳහා පත් කර ඇති බවය.

ඒ අනුව අදාළ ගැටුමට සම්බන්ධ සිසුන් කමිටුව වෙත කැඳවා කරුණු විමසීමට නියමිත බව ද ඇය සඳහන් කළාය.

ඉන් අනතුරුව එම කමිටුව විසින් පාලනාධිකාරිය වෙත වාර්තාවක් ලබාදීමට නියමිතය.

පසුගිය 02 වැනිදා අලුයම රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට මෝටර් රථ දෙකකින් පැමිණි පිරිසක් එහි සිව්වන වසරේ සිසුන් පිරිසකට පහරදීමක් සිදුකර තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

More articles

Latest article