26 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 9, 2024

මෙහෙයුම් සඳහා යුද හමුදා නිලධාරීන් හා සෙබළුන් පිරිසක් ලෙබනනයට පිටව යයි

Must read

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායේ මෙහෙයුම් සඳහා නිලධාරීන් සහ සෙබළුන් 75 දෙනෙකු ලෙබනනය බලා පිටත්ව ගොස් තිබේ.

ප්‍රථම වරට ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකාය නියෝජනය කරමින් එක් නිලධාරීනියක් සහ සෙබළියන් 07 දෙනෙකු ද සහභාගී වී ඇත.

මෙම භට පිරිස අවුරුද්දක කාලයක් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට අනුබද්ධිතව රාජකාරීවල නියැලීමට නියමිතය.

2010 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් ලෙබනනය තුළ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල රාජකාරී කටයුතුවල නිරත වී සිටී.

More articles

Latest article