31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

රුසියාව, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමේ තීරණයක

Must read

‍‍රුසියාව, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. එය 2024 වසරේ දී ක්‍රියාත්මක කරන බව එරට බලධාරීන් සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2024 වසර වන විට තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රුසියාව සැලසුම් කර ඇත. අමෙරිකාව, රුසියාව ඇතුළු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සෙසු සාමාජිකයන් 1998 වසරේ සිට එහි මෙහෙයුම් කටයුතු සහයෝගයෙන් යුතුව පවත්වා ගෙන යමින් සිටි.

මේ වන විට රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග ලොව‍ බොහෝ රටවල් රුසියාව හුදෙකලා කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් වලටද බාධා මතු වී ඇති බව වාර්තා වේ.

More articles

Latest article