28 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

ලංකාවේ තරුණියන් හඩවමින් කාටත් හොරෙන්ම යුගදිවියට ගිය තරුණියන්ගේ සිහින කුමාරයා චරිත්

Must read

මෙරට කොයි කා අතරත් පහුගිය කාලයේ ජනප්‍රියත්වයට පත් කඩවසම් තරුණයෙකු තමයි චරිත් එන් සිල්වා කියන්නේ. ඇත්තෙන්ම දැන්නම් ඔහු අපට නුපුරුදු චරිතයක් නොවෙයි.

කොහොම වෙතත් කෑම හදලා ඒවා ටික් ටොක් වීඩියෝ හරහා සමාජ ජාලා මාධ්‍යයට එක් කළ මේ කඩවසම් තරුණයාට ඉතාමත් ඉක්මනින් මෙරට ජනයා අතර ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට හැකියාව ලැබෙනවා.

ඒත් සමගම චරිත් ගැන හැමෝම වගේ කතාබහ කරන්න පටන් ගන්නවා. මෙරට තරුණියන්ගේ හදවත් වල මෙතෙක් කාලයක් සිහින කුමරෙක් බවට පත්වෙලා හිටපු ඔහු ගැන අපට සුභ ආරංචියක් අසන්නට ලැබුණා.

ඒ ඔහුගේ විවාහය පිළිබඳවයි. දැනගන්නට ලැබෙන හැටියට ඔහු පසුගිය දිනයක යුග දිවියට එළඹිලා තිබෙනවා. කොහොම වෙතත් ආදරය කිරීමට පෙම්වතියක් නැහැ කියපු ඔහු මේ විදිහට එක් වරම විවාහවීමත් පුදුමයට කාරණාවක්.

කෙසේ නමුත් කෙල්ලෝ නම් කියමින් හිටියේ මෙහෙම කොල්ලෙක් බඳින්න තියනවානම් හැමදාම රසට කන්න බොන්න පුලුවන් කියලයි. දැන් ඉතින් ඔහුත් එක්ක විවහා වුන මේ තරුණියට නම් හැමදාම රසට කෑම ටිකක් කන්නත් පුලුවන්.

මේ විදිහට යුගදිවියට පිවිසෙන මේ කඩවසම් තරුණයා කලකට ඉහතදී පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

එහිදී ඔහු කියල තිබුණේ මම ලංකාවේ ප්‍රසිද්ධ හෝටලයක රැකියාවක් කරනවා කියලයි. ඒ වගේම මන් අලුත් දෙයක් කරන්න හිතුවේ ටික් ටොක් එකේ මීට කලින් කුකින් වලට සම්බන්ද දේවල් එච්චර දැකලා තිබුනේ නැති නිසා කියල කියන චරිත් කියන්නේ මෙච්චර ජනප්‍රිය වෙන්න පුලුවන් වෙවේ කියලා මම කවදාවත් හිතුවේ නැහැ කියලයි.

ඒ වගේම මේ හරහා අර්ථවත් දෙයක් කරනවානම් හැමෝටම ප්‍රයෝජනයක් ගන්නත් පුලුවන් කියලයි ඔහු පවසන්නේ.

ඒක මගේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් වුනා කිව්වොත් හරි කියන ඔහු කියන්නේ කමෙන්ට් බලද්දී මට ලැබෙන ආදරේ ගැනත් ගොඩක් සතුටු වෙන්නත් පුලුවන් කියලයි.

තවද ආහාර පිසිනවා කියන්නේ සාමාන්‍ය වෘත්තියක් විදියට විතරක් නෙවෙයි කියන ඔහු එදිනෙදා ජිවිතේදී ගැහැණු අයගේ උයන පිහන දේවල් කරන්නේ. පිරිමියෙක්ටත් රසට කෑමක් හදන්න හැකියාව තියනවානම් ගොඩක් වටිනවා කියලයි කියන්නේ.

ඒ වගේම ඉදිරියේදී තවත් අලුත් දේවල් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලත් ඔහු සදහන් කරනවා. මේ අතර ඉවුම් පිහුම් කලාවේ නව අර්ථවත් දෙයක්, මේක ජනප්‍රිය වෙන්න හිතාගෙනම කලානම් සමහරවිට අසාර්ථක වෙන්නත් තිබුනා කියන ඔහු මගේ හැකියාවත් එක්ක අලුත් දෙයක් කරලා බලන්න හිතපු නිසයි සාර්ථක වෙන්න හැකිවුණේ කියලයි කියන්නේ.

මේ අතර හැමෝගෙන්ම ලැබෙන ආදරේට ගොඩක් ස්තුතිවන්ත වෙනවා කියන ඔහු ඔයාලාගේ යෝජනා චෝ, දනා හැම දෙයක්ම මම බලනවා, ඒවායින් තවත් දේවල් ඉගනගන්නවා කියලයි ඔහු අවසන් වශයෙන් කියල තිබුණේ.

More articles

Latest article