25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රාජපක්ෂලාගේ ආණ්ඩුවට දරුණු පරාජයක් – රනිල් වික්‍රමසිංහ

Must read

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව රාජපක්ෂ රජයේ දරුණු පරාජයක් පෙන්නුම් කරතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දුන් තීන්දුව හරහා අධිකරණය බලය බේරා ගැනීමට සහ මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් ප්‍රමුඛ ව්‍යවස්ථාදායකය ආරක්ෂා කර දීමට පියවර ගෙන ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ කොළඹ සිට එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ පැවැති සාකච්ඡාවේදීය.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ගත යුතු පියවර දැනුම් දීමට සාකච්ඡාව සංවිධාන කර තිබිණි.

ශ්‍රී ලංකාව මුල් කරගනිමින් කලාපයේ මූල්‍ය මධ්‍යස්ථානය ඇති වනවාට කැමැති වුවද රාජපක්ෂ පාලනය යටතේ ඉන්දියානු ව්‍යාපාරිකයන් වරාය නගරයට නොඑන හෙයින් ශ්‍රී ලංකාවේ පොට් සිටිය චීනයට විශාල පාඩුවක් වනු ඇතැයිද‘‘ රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා පැය විසිහතරෙන් හෝ සුමාන දෙකෙන් හෝ කිසිදු අයෙකුට වරාය නගරයේ ආයෝජන කටයුතු සඳහා අනුමැතිය නොලැබෙනු ඇතැයි‘‘ ද රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

වරාය නගරයේ සියලු බලතල එකවර ගැනීමට දැරූ අත්දැකීමෙන්, පළපුරුද්දෙන් තොර වෑයම නිසා රජය මේ දරුණු පරාජයට මුහුණ දුන්නැයි ද, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.

More articles

Latest article