25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

කිරුළ බලහත්කාරයෙන් ගැලවීමට කැරොලින් ජුරිට කිසිදු සදාචාරත්මක අයිතියන් නොමැත – රෝසි සේනානායක

Must read

විවාහක රූ රැජින .තරගයේ දී කිරුළ නැවත උදුරා ගැනීමේ නිරතවු කැරොලින් ජුලීගේ කි‍්‍රයා කළාපය සම්බන්ධයෙන් ඇමැරිකාවේ පිහිටි ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ සංවිධායක මණ්ඩලය වෙත දැනුම් දුන් බව ලංකාවේ ප‍්‍රථම ලෝක විවාහක රූ රැජින සහ කොළඹ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහත්මියගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඇය මේ බව ප‍්‍රකාශ කළාය.

ශි‍්‍ර ලංකා විවාහක රූ රැජින කිරුළ පළන්ඳවා එය බලහත් කාරයෙන් ගැලවීම කැරොලින් ජුරි ට කිසිදු සදාචාරත්මක අයිතියන් නොමැති බවත් ඇය සිදුකර ඇත්තේ රටට විශාල රටට අපකීර්තියක් මෙන්ම, රූ රැජිනක් වශයෙන් කිසිවකු නොකරන පිළිකුල් සහගත කි‍්‍රයාවක් බවද සේනානායක මහත්මිය කියා සිටියාය

මෙම තරඟය ජාත්‍යන්තර තරගාවලියක් බැවින් ලොව පුරා එම ප‍්‍රචාරය වන බවත්, අපේ රට මෙන්ම ලෝක විවාහක රූ රැජින තරඟවලියේ ඇමැරිකාවේ සංවිධායක මණ්ඩලය ද අපහසුතාවයට පත් වන බැවින් තමන් මෙලෙස ඔවුන් දැනුවත් කිරීමට පියවර ගත් බවද සේනානායක මහත්මිය පැවසුවාය.

පුෂ්පිකා ද සිල්වා සම්බන්ධයෙන් ගැටළුවක් තිබේනම් ඒ සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ඇයට ඕනා තරම් කාලයක් තිබු බවත් එසේ සිදුනොකර ඇය සිදුකළ මෙම අශෝභන කි‍්‍රයාව කාන්තාවක් වශයෙන් කිසිසේත් අනුමත නොකරන නින්දිත කි‍්‍රයාවක් බවද ඒ මහත්මිය පැවසුවාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය වෙත සිය කණගාටුව පල කරන බවද රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් කියා සිටියේය.

More articles

Latest article