25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

ආණ්ඩුව උතුරේ බෞද්ධ විහාරස්ථාන හදන්න පටන් අරන් – එම්.ඒ. සුමන්තිරන්

Must read

රසුල දිල්හාර ගමගේ – උතුරු පළාත් විශේෂදකුණේ සිංහල ජනතාවගෙන් මේ දිනවල රජයට දැඩි විරෝධයක් එල්ල වීමත් සමඟම බහුතරයක් වූ සිංහල බෞද්ධ ජනතාව ආකර්ෂණය කර ගැනීම සඳහා රජය උතුරේ බෞද්ධයන් නැති ස්ථානවල බුදුපිළිම තැන්පත් කිරීමටත් බෞද්ධ විහාරස්ථාන අලුතින් ඉදි කිරීමටත් පටන්ගෙන ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පෙරේදා (21) පැවසීය.

මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් මේ බව කියා සිටි සුමන්තිරන් මන්ත්‍රීවරයා එසේ කිරීමෙන් රජයට දකුණේ සිංහල බෞද්ධ ජනතාව රැවටිය නොහැකි බවද කියා සිටියේය.

ආණ්ඩුව මඟින් දකුණේ සිංහල බෞද්ධ ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා කරගෙන යන මේ අනුවණ ක්‍රියාව නිසා රජයට දකුණේ සිංහල බෞද්ධ ජනතාවගේ සහායත් උතුරේ දෙමළ ජනතාවගේ සහායත් නොලැබෙන බව ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

රජයේ වැරදි ප්‍රතිපත්ති නිසා මේ වන විට මුළු රටම දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවත් මේ අර්බුදය නිසා ජනතාව රජය සමඟ දැඩි කෝපයකින් සිටින බව ද සඳහන් කළේය.

More articles

Latest article