28 C
Colombo
ඉරිදා, මැයි 5, 2024

රාජ්‍ය ලාංඡනය, සෙංකෝලය නිර්මාණය කළ කලාසූරී ඩබ්.ඒ. ආරියසේන අභාවප්‍රාප්ත වෙයි

Must read

දශක ‍හතකට වැඩි කලක් නිර්මාණශීලි තෙලි තුඩින් කලාව වර්ණවත් කළ දසදහස් ගණනක් දරුවන්ගේ කලා හැකියාවන් ඔප්නැංවූ කලාසූරී ආචාර්ය වික්‍රමආරච්චිගේ ආරියසේන මහතා අවුරුදු 92ක් ආයු වලඳා අභාවප්‍රාප්ත විය.

රජයේ කලා ආයතනයේ චිත්‍ර හා මූර්ති අංශයේ ඉගෙනුම ලබමින් ලෝකප්‍රකට චිත්‍ර කලා ගුරුවරුන් යටතේ සිය ශිල්පය හැදෑරූ මේ ශ්‍රේෂ්ඨ කලාකරුවා ඉතා විශිෂ්ට නිර්මාණ රැසක් ජාතියට දායාද කර ඇත.

එවකට ජනරජ රාජ්‍ය ලාංඡනය, සෙනට් සභා සෙංකෝලය, යුද හා නාවික හමුදා ලාංඡන එතුමාගේ නිර්මාණ අතර වේ.

තවද එතුමා දෙවතාවක් 1954 සහ 1956 යන වර්ෂවලදී දැයේ විශිෂ්ටතම කලා නිර්මාණයන්ට හිමි අග්‍රාණ්ඩුකාර සම්මානය දිනා ගන්නා ලදි.

මෙතුමා දැනට පවතින ශ්‍රී ලංකා බාලදක්ෂ ලාංඡනයේ නිර්මාණකරු ද වේ.

තවද බාලදක්ෂ ව්‍යාපාරයේ 50 වන සංවත්සරයට නිකුත් කළ බාලදක්ෂ මුද්දරය ඇතුළු සමරු මුද්දර 10කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇත.

More articles

Latest article