27 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

ශ්‍රීමත් බාරොන් ජයතිලක සිතුවමක් නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිරාවරණයට පියවර

Must read

ඉන්දු ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 80 වැනි වසර සනිටුහන් කරමින් ශ්‍රීමත් බාරොන් ජයතිලක මහතාගේ ආලේඛ්‍ය චිත්‍රයක් නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරින් කාර්යාල ප්‍රධාන ගොඩනැගිල්ලේ නිරාවරණය කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මේ චිත්‍රය නිරාවණය කළ අතර, මේ වෙනුවෙන් සංවිධාන කර තිබූ චාම් උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී. බී. රත්නායක, රෝහිණී කුමාරි විජේරත්න සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහත්ම මහත්මීන් ද සහභාගි වූ බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

කථානායකවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු දූත පිරිස ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගි වී ආපසු මෙරටට එන අතරවාරයේදී නවදිල්ලි නුවරදී මේ උත්සවයට සහභාගී වූ අතර, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඇතුළු මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද ඊට එක්ව සිටියහ.

ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක රාජ්‍ය පාලකයකු, බෞද්ධ අධ්‍යාපනඥයකු, බැරිස්ටර්වරයකු වූ අතර පුරෝගාමී සාහිත්‍යධරයෙක් සහ කලක් මෙරට ස්වදේශ කටයුතු ඇමැතිවරයා ද විය. එවකට ඉන්දීය රජය මෙරටට සපයන ලද ආහාර නැව්ගත කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රීමත් බාරොන් ජයතිලක මහතා ප්‍රථමයෙන් ඉන්දියාවට පැමිණ ඇති අතර, පසුව 1948දී නිදහස් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමට පෙරාතුව ඉන්දියාවේ කටයුතු කිරීම සඳහා ලක් රජයේ පළමු නියෝජිතයා ලෙස පත් කර ඇත.

වසර අසූවක මෑත කාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා සිහිපත් කරමින් ඒ මහතාගේ නමින් මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල නම් කරන ලද අතර, මේ චිත්‍රය නිරාවණය තවත් පියවරකි. ඒ මහතාගේ දර්ශනය අලළා විචාරාත්මක සාහිත්‍ය කෘතියක් සම්පාදනයවෙමින් පවතියි.

More articles

Latest article