27 C
Colombo
සඳුදා, මැයි 6, 2024

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය

Must read

ඩොලර් මිලියන 05ක ආයෝජනයකින් යුත් රාජගිරිය ප්‍රදේශයේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සයිනෝ ලංකා සමාගම සඳහා (Sino Lanka Properties Two Pvt. Ltd) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

මහල් පහකින් සමන්විත වර්ග අඩි 40,000ක වපසරියකින් යුතු මේ ව්‍යාපෘතියේ මහල් තුනක් කාර්යාල හා වාණිජ කටයුතු වෙනුවෙන් ද, ඉහළ මහල් සුඛෝපභෝගී හෝටලයකට ද වෙන් වී ඇත.

සයිනෝ ලංකා සමාගම ආගන්තුක සත්කාරය, අධ්‍යාපනය, පුනර්ජනනීය බලශක්තිය සහ දේපළ සංවර්ධනය වැනි ව්‍යාපාරවල නිරත සමාගමකි.

අදාළ ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා වෙනුවෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ආචාර්ය හර්ෂ කබ්රාල්, සංජය කුලතුංග මහත්වරුන් සහ සයිනෝ ලංකා සමාගමේ අධ්‍යක්ෂ ඩිරෙන් කුන්ඩන්මාල් මහතා අතර සිදු විය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පසන් වනිගසේකර මහතා ද මේ අවස්ථාවට එක් විය.

More articles

Latest article