30 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තුත් ඉහළට

Must read

සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඔක්තෝබර් මස 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව සීමා සහිත පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා පැවති රුපියල් 4,000ක ගාස්තුව රුපියල් 4,600 දක්වා ඉහළ දමා ඇති අතර සීමා සහිත පොදු සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා පැවති රුපියල් 20,000ක ගාස්තුව රුපියල් 23,000 දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වේ.

ඊට සමගාමීව සමාගම් පනත යටතේ සිදුකරන සියලු ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

ඊට අමතරව සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු ද සංශෝධනය කර ඇති අතර රුපියල් 3,000ක්ව පැවති සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 3,450ක් ලෙස ඉහළ දමා ඇති බව වාර්තා වේ.

More articles

Latest article