28 C
Colombo
සඳුදා, මාර්තු 20, 2023

අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් යළි වෙනස් කෙරේ

Must read

අද (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ විෂය පථයන් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ යටතේ පැවති සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව එම අමාත්‍යාංශවලින් ඉවත් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පැවති සීමා සහිත ලංකා පොස්පේට් සමාගම සහ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ද එම අමාත්‍යාංශවලින් ඉවත් කර ඇති බව වාර්තා වේ.

නව ගැසට් නිවේදනයට අනුව සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව සහ සීමා සහිත ලංකා පොස්පේට් සමාගම කර්මාන්ත අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.

ඊට අමතරව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධිත ආයතන මෙන්ම රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ද තාක්ෂණ අමාත්‍යාංශය යටතට පත් කර ඇති බව වාර්තා වේ.

More articles

Latest article