25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

සෙස් බද්ද පාසල් උපකරණ මිලට බලපානවා නම් එය වෙනස් කරනවා – රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

Must read

සෙස් බද්ද හේතුවෙන් පාසල් උපකරණ මිල ඉහළ යන්නේ නම් එය වෙනස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.

සෙස් බද්ද හේතුවෙන් පාසල් උපකරණවල මිල ඉහළ යාමක් සිදුව තිබේද යන්න සම්බන්ධයෙන් සොයා බලන බවත් යම් හෙයකින් ආදේශන ආනයනයක් හෝ තිබෙන සෙස් බද්දක් හේතුවෙන් පාසල් දරුවන්ගේ මූලික උපකරණවලට බලපෑමක් වේ නම් එය වෙනස් කරන බව ද රාජ්‍ය ඇමතිවරයා පැවසීය.සෙස් බද්ද හේතුවෙන් පාසල් උපකරණ මිල වැඩී වී ඇති බවට දක්වන ලද අදහස් සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජිත් සියඹලාපිටිය මහතා මෙසේ ද පැවසීය.පාසල් උපකරණවල වැඩිවීමක් ගැන මෙතන සඳහන් වුණා. අපි ඒ ගැන අද සොයා බැලීමක් කරනවා. යම් හෙයකින් සෙස් බද්ද නිසා පාසල් දරුවන්ගේ මූලික උපකරණවලට බලපෑමක් වෙනවා නම් අපි ඒක වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා.

More articles

Latest article