30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

අරගලය ගැන සොයා බැලීමට කොමිසමක් පත් කරන්න – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

Must read

අරගලය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් සභාවට ඉදිරිපත් කිරීමට කොමිසමක් පත් කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ 2023 අයවැය යෝජනා දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.

තවදුරටත් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

අපනයනය මුල් කර ගත් ආර්ථිකය, නීල හා ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් මෙවර අය වැයෙන් සාකච්ඡා කිරීම සාධනීය කරුණක්. අය වැය යෝජනාවලිය තුළ පැණි රස මෙන්ම කුණු රසත් තිබුණා. පිළිගත හැකි මෙන්ම පිළිගත නොහැකි යෝජනා එහි තිබෙනවා. දේශීය වියදම් කළමනාකරණය, අපේ සම්පත්වලින් උපරිම ඵලදායිතාවක් අත්පත් කර ගැනීම, සමාජ සාධාරණත්වය, අපක්ෂපාතිත්වය තිබිය යුතු යුගයක් කියලා අපි විශ්වාස කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථකව ක්‍රියාත්මක වන කාලයක් විය යුතුයි. අය වැය කතාවේ ජනාධිපතිවරයා අලුත් අර්ථ ක්‍රමයක් ගැන සඳහන් කළා. 77ට පෙර විශේෂයෙන්ම 56 බණ්ඩාරනායක යුග ගැන විවේචනයන් ඔහු කළා. 77න් පසුව ඇරඹූ ආර්ථික ක්‍රමයත් අසාර්ථකයි කියලා එතුමා කීවා. එසේ අසාර්ථක වීමට හේතු මොනවාද කියලා අපි සොයා බැලිය යුතුයි. නීල ආර්ථිකයක්, ඩිජිටල් ආර්ථිකයක් ගැන කතා කළා. ඒවා ඉතාම වැදගත්. අපනයනය මුල් කර ගත් ආර්ථික ක්‍රමයක් ගැන එතුමා පැවසුවා. ඒවා ඉතා අගනා කාරණා. රජයේ සේවකයන්, පෞද්ගලික අංශයේ පහළ අංශවල සේවකයන්, ගොවියා, ධීවරයා මහා ඛේදවාචකයකට පත්ව සිටිනවා. රටේ කෘෂිකාර්මික නිෂ්පාදනයන්ට සතුන්ගෙන් සිදු වන හානි ගැන මේ සභාවේ කතා කළා. මේ ගැන මම මීට අවුරුදු 15 කට පෙර කතා කළා. මේ වන තෙක් ඊට විසඳුම් ලබාදීමට කිසිදු ආණ්ඩුවකට බැරි වුණා. මගේ ආණ්ඩුව කාලයේදීත් ඊට විසඳුම් ලබාදීමට නොහැකි වුණා. නිෂ්පාදනය කරන ආහාරවලින් ¼ක් සතුන්ගේ ආහාර බවට පත් වෙනවා. බදු ගැන විශාල ගැටලුවක් මේ වන විට පැන නැඟී තිබෙනවා. දූෂණය, වංචාව, නාස්තිය සම්බන්ධයෙන් අනාගතයේ කතා නොකළ යුතු බවට ජනාධිපතිවරයා පැවසුවා. වයස අවුරුදු 60න් වෛද්‍යවරුන්ට විශ්‍රාම යෑමට සැලසීම ගැටලුකාරී තත්ත්වයක්. මහවැලි ඉඩම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ කතාවේ තිබෙන කාරණාව ගැන මම කනගාටු වෙනවා. මහවැලි ඉඩම් මහවැලි අධිකාරියෙන් බැහැර කරමින් ප්‍රාදේශීය පාලනයට ලබාදීම සුදුසු නැහැ.

More articles

Latest article