27 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

සමන්තා පවර් ඇමති සබ්රිට පැවසූ දේ

Must read

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය හමු වී ශ්‍රී ලංකාවට තවදුරටත් සහය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.

අමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් විසින් කරන ලද ආරාධනයකට අනුව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා නොවැම්බර් 29වැනිදා අමෙරිකාවේ නිල සංචාරයකට එක්ව සිටි.

එහි දී මෙලෙස සමන්තා පවර් මහත්මිය සමඟ සාකච්ඡා පවත්වා ඇත. ශ්‍රී ලංකාව සදහා ආර්ථික ප්‍රතිසංස්කරණ සමග දේශපාලන ප්‍රතිසංස්කරණද අත්‍යවශ්‍ය බව සමන්තා පවර් මහත්මිය අවධාරණය කර තිබේ.

මෙම සංචාරයේදී අලි සබ්රි අමාත්‍යවරයා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්, කොන්ග්‍රස් සාමාජිකයින් සහ එක්සත් ජනපද රජයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හමුවීමට ද නියමිතය.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා යළි දෙසැම්බර් 04 වැනිදා දිවයිනට පැමිනෙනු ඇත.

More articles

Latest article