30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර T-20 තරගයක් අප්‍රේල් මාසයේදී

Must read

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් ලබන අප්‍රේල් මාසයේ දී පැවැත්වීමේ යෝජනාවක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇත.

මෙම ක්‍රිකට් තරගය විස්සයි 20 තරගයක් ලෙස පැවැත්වීමට අදහස් කර ඇති අතර එයින් ලැබෙන ආදායම කොවිඩ් -19 සඳහා අරමුදල් රැස් කිරීමේ තරගයක් ලෙස පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ යෝජනාව වී ඇත.

මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයක් සඳහා සහභාගිවී සිටින ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ලබන මාසයේදී මෙරටට පැමිණීමෙන් පසු මෙම තරගය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා යෝජනා කර ඇත.

මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට අදහස් කර ඇති අතර එහි සමස්ත ධාරිතාවයෙන් සීයයට 50 කට තරගය නැරඹීමට අවස්ථාව ලබාදීමට නියමිතයි.

More articles

Latest article