31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

කඳුළු ගෑස් උණ්ඩ රැගෙන ගිය තවත් අයෙක් අත්අඩංගුවට

Must read

කඳුළු ගෑස් උණ්ඩ 02ක් සමග පුද්ගලයෙකු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස සොයාගෙන ඇත්තේ‍, පසුගිය 13 වනදා පොල්දූව මංසන්ධියේ පැවැති විරෝධතාවය අතරතුර පොලිස් ත්‍රිරෝද රථයක තිබී අතුරුදන් වූ ජීව කඳුළු ගෑස් උණ්ඩවලින් දෙකක් බව පොලීසිය පවසයි.

ඊයේ (02) උදෑසන කාලයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි අරුණෝදය මාවත, ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ සැකකරු අද (03) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරීපත් කිරීමට නියමිත ඇත.

වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිසුකරනු ලබයි.

More articles

Latest article