24 C
Colombo
අඟහරුවාදා, මැයි 21, 2024

ලබන වසරේ පොදු ප්‍රවාහන සේවාව ඩිජිටල්කරණය වෙයි

Must read

ලබන වසරේ (2022) පොදු ප්‍රවාහන සේවා කටයුතු ඩිජිටල්කරණය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

මේ සඳහා රුපියල් දසලක්ෂ 200ක් වැය කෙරේ.

එළඹෙන වසරේ මඟී ජනතාවට කාර්යක්ෂම සහ සුවපහසු පොදු ප්‍රවාහන සේවාවක් ලබා දීමට මේ වන විටත් ඩිජිටල්කරණ කටයුතු ආරම්භ කර ඇතැයි ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

ඒ සඳහා නවීන තාක්ෂණය භාවිතා කරමින් ප්‍රවාහන සේවා ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බවත්, ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කළාය‍

අමාත්‍යවරිය මෙම කරුණු අවධාරණය කළේ, 2022 වසරේ ක්‍රියාත්මක කරන ප්‍රවාහන සැලැසුම් පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකදීය.

අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක “ සහසර “ ව්‍යාපෘතියෙන් ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවත්, එහි එක් පියවරක් ලෙස පෞද්ගලික බස්රථ 2,000ක් සඳහා GPS තාක්ෂණය දීමට කටයුතු කරන බවත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

තව දුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරිය කියා සිටියේ බස්රථ සදහා GPS තාක්ෂණය දීමත් සමඟ ජනතාවට එම සේවාව පරිහරණය කිරීම සඳහා නොමිලේ යෙදවුමක් (Mobile App) දීමට කටයුතු කරනු බවයි.

ඒ අනුව තම ගමන් සඳහා යොදා ගන්නා බස්රථ කුමන වේලාවට ළඟා වන්නේද, එහි සිටින මඟී සංඛ්‍යාව ඇතුළු සවිස්තරාමක වාර්තාවක් තම ජංගම දුරකථනයට ගැනීමේ හැකියාව ලැබෙයි.

2022 වසරේදි මඟී ජනතාවට විද්යුත් ප්‍රවේශපත්‍රයක් (E-Ticket ) හඳුන්වාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කරන බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී අවධාරණය කළාය.

කොළඹ නගරයේ මාර්ග තදබදය අවම කිරීමේ අරමුණ ඇතිව ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ (Park and Ride) ක්‍රමය පුළුල් කිරීම සඳහා ප්‍රධාන නගර 8ක තවත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 8ක් ස්ථාපිත කිරීමට ප්‍රවාහන අමාත්‍යාශයේ 3K ව්‍යාපෘතිය කටයුතු කරන බවද පැවසුවාය.

එමෙන්ම බස්රථ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය හා සුබසාධනය සඳහා වූ ආයතනයක් සම්බන්ධ කර ගැනීමට සැලැසුම් සකස් කර ඇති බවද මෙම සාකච්ඡාවේදී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච් මහත්මිය අවධාරණය කළාය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග අතිරේක ලේකම් බර්නාඩ් වසන්ත, ‘සහසර” ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ යොහාන් රත්නායක, 3K ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ නාලක දිසානයක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

More articles

Latest article