31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

තේ කර්මාන්තයට භූගෝලීය දර්ශකයක්

Must read

මෙරට තේ කර්මාන්තය සඳහා භූගෝලීය දර්ශකයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය හා ප්‍රංශ නියෝජිතායතනය (AFD) අතර යුරෝ මිලියනයක වටිනාකමකින් යුතු මෙම ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කිරීම වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවටු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පෙරේදා (7) සිදු විණි.

ඉදිරි වසර හතරක කාලය ඇතුළත මෙරට තේ කර්මාන්තය සඳහා භූ ගෝලීය දර්ශකයක් නිර්මාණය කිරීම මෙම ප්‍රතිපාදන යටතේ සිදු කෙරෙයි.

මෙම ව්‍යාපෘතිය මඟින් වසර 150කට වඩා දිගු ඉතිහාසයක් ඇති ‘සිලෝන් ටී‘ නාමය තව දුරටත් ඉහළ නැංවීමට සහ ජාතික හා අන්තර්ජාතික වෙළෙඳ පොළවල මෙරට තේ සඳහා ඇති ඉල්ලුම වැඩිවේ යැයි අපේක්ෂා කෙරේ.

මෙම අවසථාවට සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් වතු ආශ්‍රිත භෝග වගා රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවටු, වැවිලි අමාත්‍යංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවසම්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සිරිවර්ධන, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රවර්ධන කළමනාකාරු පවිත්‍ර පිරිස් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

More articles

Latest article