28.4 C
Colombo
බදාදා, මැයි 8, 2024

හිජාස් හිස්බුල්ලාගේ ඇප ඉල්ලීමට නීතිපතිගේ විරෝධය

Must read

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අද (09) අභියාචනාධිකරණයට දැනුම් දෙන ලදී.

ඒ අනුව නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මස 13 වනදා ට පෙර ගොනුකරන ලෙස නීතිපතිවරයාට නියෝග කළ අභියාචනාධිකරණය පෙත්සම ජනවාරි මස 18 දා විභාගයට ගැනීමට දින නියම කළේය.

මෙම පෙත්සම මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවිණි.

More articles

Latest article