28.4 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

මහ කන්නයටත් යූරියා රුපියල් 10,000ට 

Must read

මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය යූරියා පොහොර යල කන්නයේ මෙන් රුපියල් 10,000ක මුදලකට දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත. කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කළ ඉල්ලීම පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ සඳහා එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව එළැඹෙන මහ කන්නයේදී රුපියල් 10,000ක මුදලකට කිලෝග්‍රෑම් 50ක බරින් යුත් පොහොර මිටියක් ගොවීන්ට හිමිවනු ඇත. යල කන්නයේ වී වගාව අවසන් කළ අම්පාර, මඩකලපුව, මුලතිව්, යාපනය, අනුරාධපුර, හා මොනරාගලට මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර කඩිනමින් යැවීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ දින (20) එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම තේ, බඩඉරිඟු වගාවන් සඳහා කිගෝග්‍රෑම් 50ක බරින් යුත් යූරියා පොහොර මිටියක් රුපියල් 15,000ක මුදලකට දීමට නියමිතය. යූරියා පොහොරවලට අමතරව මියුරේට් ඔෆ් පොටෑස් හෙවත් බණ්ඩි පොහොර ද මෙවර වී වගාව සඳහා දීමට මේ වන විටත් සියලු කටයුතු යොදා අවසන් බව කෘෂිකර්ම අමාත්‍යවරයා අවධාරණය කරයි. මේ අතර ආනයනික පොහොර, තේ පොහොර සහ තවත් පොහොර වර්ග කීපයක මිල පහත දැමීමට පොහොර ආනයන සමාගම් තීරණය කර තිබේ.

කිලෝග්‍රෑම් 50 යූරයා පොහොර මිටියක් රුපියල් 10,000ක මිලකටත් තේ පොහොර මිටියක් දැනට පවතින මිලට වඩා රුපියල් 1000ක් අඩු කර දීමටත් පියවර ගෙන ඇත. ලෝක වෙළෙඳපොළේ පොහොර මිල පහත බැසීම හේතුවෙන් මේ මිල අඩු කර ඇති බව පොහොර ආනයනකරුවන්ගේ එකමුතුව කියයි.

More articles

Latest article